Google advertising වලින් සල්ලි හොයන්න
Google Advertising
ගොඩ දෙනෙක් කතා කරන දෙයක් තමා Google Ads කියන්නෙ
ඇත්තටම Google ආයතනය මගින් ප්‍රධාන Advertising Platform 3 ක් හදුන්වා දී තිබෙනවා
1.Adsens
2.Admob
3.Adword
මේ අතරින් ගොඩ දෙනෙක් දන්නවා Adsens හා Admob ගැන මේ අතරිනුත් වැඩිපුරම කට්ටිය කතා වෙන්නෙ Adsens ගැන අපිට මේ Adsens වගේම Admob වලිනුත් මුදල් උපයන්න පුලුවන් ඒ නිසා ගොඩ දෙනෙක් මේ දේවල් ගැන කතා වෙනවා වගේම මේවා කරනවා ඒත් Adword ගැන එහෙම කතා නොවෙන්නෙ ඇයි???
මෙහෙමයි Adword කියන්නෙ මහා පරිමාණ ව්‍යාපාර වලට වැදගත් වන Platform එකක්.සිරාවටම කීවොත් මේක ඔයාලගෙ සල්ලි වියදම් කරන්න හදපු Platform එකක්. මේ Platform භාවිතා කරන Audience එකිනෙකට වෙනස් Adword භාවිතා කරන්නෙ Advertising කරන අය ඒ කියන්නෙ Advertise එක අයිති Company එක හෝ පුද්ගලයා. Adsens හා Admob Platform දෙක භාවිතා කරන්නෙ Publishers ලා ඒ කියන්නෙ Advertise එක අපිට පෙන්නන කෙනා
Adsens කියන්නෙ Website,Blog,Youtube Channel වගේ දේවල් වලට ලබා දෙන Publisher Platform එක ඒ වගේම Admob කියන්නෙ Mobile Application සදහා Google හදුන්වා දී තිබෙන Platform එක
Google මගින් Adword සදහා දැන්වීම් සෙවීමට ඉඩ ලබා දේ
Adsens/Admob Publishers ලට පුලුවන් ඒ Adword දැන්වීම් සදහා තමන්ගෙ Website,Blog,Apps හෝ වෙනත් ඔනෑම එකකින් ඒ දැන්වීම ප්‍රචාරය කරන්න
සරලවම මෙතනදි වෙන්නෙ ආයතනය හෝ පුද්ගලයා Adword මගින් දැන්වීමක් දාන්න කියලා Google එකට කියනවා ඊට පස්සෙ Adsens/Admob මගින් ඒ දැන්වීම ප්‍රචාරය කරනවා
ඒ දැන්වීම ප්‍රචාරය කිරීම සදහා Google ආයතනයට අදාල ආයතනය හෝ පුද්ගලයා ගෙවීමක් කරනවා ඒ මුදල් වලින් කොටසක් දැන්වීම ප්‍රාචාරය වූ Adsens/Admob Account එකේ අයිතිකාරාට ලබා දෙනවා
ඔයා දැන් මේ Platform ගැන යම් දැනුමක් එකතු කරගෙන ඇති
මේ Platform එකිනෙකට වෙන වෙනව Account හදා ගන්නෙ කොහොමද ඒ මගින් අපි දැන්වීම් ප්‍රචාරය කරන්නෙ කොහොමද, ඒ මගින් මුදල් උපයන්නෙ කොහොමද කියලා Post තියෙනවා ඇප් එකේ ඒ ටික බලන්න
ප්‍රශ්නයක් තිබුනොත් මට comment කරන්න
Comments
Post a Comment